-
නිවේදනයයි
නිවේදනයයි.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගින් අයදු2ම් කල හැකිය. මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.
තොරතුරු නිලධාරියා,
සුරංගි පී.සමරසිංහ මිය
සහකාර ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , නව නගරය, රත්නපුර.
045 2223086
01. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.
02. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මණින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුව ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබා දෙනු ඇත.
04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබා දීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 ට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
05. තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම ලැබී පැය 48 ක් තුළ සිදු කරණු ඇත.
06. තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
I. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම,
II. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම,
III. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
IV. සම්පුර්ණ නොවු, නොමග යවන හෝ සාවද්‍ය ප්‍රධානය කිරීම,
V. වැඩිපුර ගාස්තු අය කිරීම,
VI. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම,
VII. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම,
මත අතෘප්තියට පත් වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.
නම් කළ නිලධාරියා
අයි.ආර්.එම්.පී.ඩී. ඉළුක්කුඹුර මිය
ප්‍රාදේශිය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නව නගරය, රත්නපුර.
045 2223086
07. මෙම නිවේදනයේ 6 වන වගන්තිය පරිදි අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී පහත දැක්වෙන RTI 10 අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න. RTI 10 දරන අයදුම්පත පිරවීම අනිවාර්යය නොවේ. තොරතුරු ඉල්ලා සිටින්නාට RTI 10 අයදුම්පත්‍රයේ සඳහන් අභියාචනය විභාග කිරීමට අවශ්‍ය මුලික තොරතුරු සඳහන් කරමින් ලිපියක් මගින් අභියාචනය ඉදිරිපත් කළ හැකිය.
ANUAL REPORT
| year | Total number of request during the year | Total number of information provided | The number of requests rejected under section 5 | The amount of fees collected during the year | The no. of times information was provided at the direction of the commission | Number of appeal |
| 2017 | 23 | 22 | 01 | 0 | 0 | 1 |
| 2018 | 30 | 26 | 04 | 600.00 | 0 | 2 |














